විගණනයෙන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවටත් චෝදනා..

සීමාව ඉක්මවා ප්‍රතිජීවක
අමුද්‍රව්‍ය ආනයනය නිසා මිලියන 105 ක පාඩුවක්..

#

2023 වර්ෂයේදී ඇමොක්සිසිලින් ප්‍රතිජීවක ඖෂධය සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ දී එකවර කිලෝ ග්‍රෑම් 9000 ක් ආනයනය කිරීම නිසා ද ඒවා යොදාගෙන ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය නොකිරීම නිසාද රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මිලියන 104 844 337 ක් මුදලක් අනර්ථ ලෙස යොදාගෙන ඇති බව නවතම විගණන වාර්තාවෙන් තහවුරු වෙයි.

අවශ්‍ය කරන අමුද්‍රව්‍ය එකවර ආනයනය නොකර මූලිකව කිලෝ ග්‍රෑම් 25ක් සපයාගෙන ගුණාත්මක භාවය පරීක්ෂා කොට ප්‍රගතිය සාර්ථක නම් පමණක් ඉතිරිය ක්‍රමානුකූලව ආනයනය කිරීම සිදුකළ යුතු වුවත් එම තත්ත්වයන් නොසලකා එකවර වැඩි ප්‍රමාණයකින් ප්‍රති ජීවක ඖෂධ නිෂ්පාදනය කරන අමුද්‍රව්‍ය ආනයනය කිරීම වෙනුවෙන් මෙම හානිය රජයට සිදුවී ඇති බව විගනකාධිපතිවරයා පෙන්වා දෙයි.

මෙයට අමතරව Tranexemic Acid, Midazolam , වැනි ඖෂධ ආනෑනේ කිරීමේදී ද ප්‍රශ්න සහගත ගනුදෙනු සිදු වී ඇති බව විගණන වාර්තාව සඳහන් කරන අතර සංස්ථාවේ දැනට භාවිතා කරන සිසිලන පද්ධතිය පවා නිසි පරිදි කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක නොවන බව එය වැඩිදුරටත් පෙන්වා දෙයි.

එසේම ගොඩනැගිලි පරිශ්‍රයන් දියුණු කිරීම සඳහා ආරම්භ කරන ලද බොහෝ ව්‍යාපෘති අතරමක නතර කිරීමෙන් රජයට මූල්‍ය හා භෞතික පාඩු සිදුව ඇති බවද එය වැඩිදුරටත් සඳහන් කරයි.

ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ නිෂ්පාදනයට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා පරිශ්‍රය සුදුසුදැයි ඖෂධ නියාමන අධිකාරිය තුළ මගින් විශේෂ විමර්ශන වාර්තාවක් සිදුකළ නමුත් මේ දක්වා එය ප්‍රකාශයට පත්ව ද නැත.

What's your reaction?

Related Posts

1 of 541

Leave A Reply

Your email address will not be published. Required fields are marked *