විද්‍යුත් මෝටර් ට්‍රයිසිකල් (ත්‍රී රෝද රථ)නිෂ්පාදනයේදී සහ පෙට්‍රල් හෝ ඩීසල් භාවිතයෙන් ධාවනය කරනුලබන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රී රෝද රථ) විදුලි බලයෙන් ධාවනය කිරීමට හැකිවන අයුරින් පරිවර්තනය කිරීමේදී විද්‍යුත් ආරෝපිත බැටරි භාවිතා කිරීම හේතුවෙන් එවැනි මෝටර් ට්‍රයිසිකල්වල තාරබර ඉහළ යාම සිදුවේ.
මෙම පනත සංශෝධනය කරන ලෙස දේශීය වශයෙන් විදුලි මෝටර් ට්‍රයිසිකල් (ත්‍රී රෝද රථ)නිෂ්පාදන හා පරිවර්තන ව්‍යාපාරයේ යෙදී සිටින කර්මාන්තකරුවන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙතින් ඉල්ලීම් කර තිබේ. ඒ අනුව ප්‍රාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන යෝජිත් සංශෝධන ඇතුළත් කරමින් මෝටර් වාහන පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
