විදේශ ඇමති විජිත හේරත් ජර්මනියේ විශේෂ සංචාරයක

ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලනික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පෙබරවාරි 26 සහ 27 යන දිනවල ජර්මනියේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි. ජර්මානු-ආසියා ශාන්තිකර ව්‍යාපාරික සංගමයේ (OAV) බ්‍රෙමන් ශාඛාව කළ ආරාධනයකට අනුව සිදුවන මෙම සංචාරයේදී වෙළඳාම සහ විදේශ රැකියා අවස්ථා කෙරෙහි අවධානය යොමු කළ සාකච්ඡා මාලාවකට අමාත්‍යවරයා සහභාගී වීමට නියමිතය.​මෙම සංචාරයේ විශේෂම අවස්ථාව වන්නේ ආසියා ශාන්තිකර ව්‍යාපාරික සංගමයේ බ්‍රෙමන් ශාඛාවේ 125 වැනි සංවත්සර උළෙලට විජිත හේරත් මහතා ආසියාව නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ප්‍රධාන දේශකයා ලෙස සහභාගී වීමයි. ජර්මනිය නියෝජනය කරමින් එරට විදේශ අමාත්‍ය ආචාර්ය ජොහාන් වේඩ්ෆුල් මහතා එහි ප්‍රධාන දේශකයා ලෙස සහභාගී වේ. ජර්මනිය සහ ආසියාව අතර ව්‍යාපාරික සබඳතා ප්‍රවර්ධනය කරන විශාලතම සංගමය වන OAV හරහා ව්‍යාපාරික නායකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් හමුවීමට අමාත්‍යවරයාට අවස්ථාව හිමිවේ. මීට අමතරව, ජර්මානු විදේශ අමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, ශ්‍රී ලංකාව පිළිබඳ ව්‍යාපාරික වටමේස සාකච්ඡාවකට සහභාගී වීමටත් විජිත හේරත් මහතා බලාපොරොත්තු වන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,027

Leave A Reply

Your email address will not be published. Required fields are marked *