ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂය මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට පෙර පද්ධතියේ ඇති වූ බිඳවැටීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් අතර, ලබන සඳුදා (පෙබරවාරි 16) සිට සේවා යථා තත්ත්වයට පත්වනු ඇතැයි මුලින් ප්‍රකාශ කෙරිණි.කෙසේ වෙතත්, අලුත්ම නිවේදනයට අනුව විදේශ ගමන් බලපත්‍ර මෙන්ම වීසා නිකුත් කිරීමේ කටයුතු ද දැන් යළිත් සාමාන්‍ය පරිදි ආරම්භ කර ඇත. එබැවින්, දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට පෙර 1962 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් හෝ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබාගන්නා ලෙස අයදුම්කරුවන්ට උපදෙස් දෙනු ලැබේ.


























