විදේශගත රැකියා සිහිනය පෙන්වා අහිංසක ජනතාවගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ මහා පරිමාණ ජාවාරම් දෙකක් වටලා පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය සමත්ව තිබේ. මහරගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය “Global Educare Consultancy” නම් ආයතනය මෙලෙස වටලා ඇති අතර, එය කිසිදු වලංගු බලපත්‍රයකින් තොරව පවත්වාගෙන ගොස් ඇත. කැනඩාව සහ ඇල්බේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන සැකකාරිය ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.මේ අතර මීරිගම ප්‍රදේශයේ “ASPA” නමින් ව්‍යාජ ආයතනයක් පවත්වාගෙන යමින් ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් ගැරූ තවත් ජාවාරමක් උපාය දූතයෙකු මාර්ගයෙන් අනාවරණය කරගෙන තිබේ. මෙහිදී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. එහිදී පළමු සැකකාරිය අප්‍රේල් 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර දෙවන සැකකරු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.රට රැකියා සඳහා යොමුවීමේදී අනුමත බලපත්‍රලාභී ආයතන පිළිබඳව මීට වඩා විමසිලිමත් වන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන්ම ශිෂ්‍ය වීසා ලබාදෙන ආයතන හරහා රැකියා පොරොන්දු ලබාදීම නීති විරෝධී බවත්, එවැනි ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙසත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි. අත්අඩංගුවට ගත් ආයතන සතුව තිබූ ව්‍යාජ රැකියා ගිවිසුම් සහ ලේඛන රැසක්ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.





















