පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද(18) පැවැත්වේ.
ඒ, ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳවයි.
සාකච්ඡාව සඳහා අද(18) පෙරවරු 9.30ට විපක්ෂයේ සියලු පක්ෂ නායකයින් මැතිවරණ කොමිසමට පැමිණීමට නියමිතව ඇතැයි සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ ය.