2026 ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගය හෙට කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එය නොමිලේ නැරඹීමට මහජනතාවට අවස්ථාව සලසා දී ඇත. ඒ අනුව හෙට පෙරවරු 9:30 සිට SSC ක්‍රීඩාංගණයේ අංක 5 සහ 7 දරන පිවිසුම් දොරටු මහජනතාව සඳහා විවෘතව තැබෙනු ඇත. පාකිස්ථානය සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙන මෙම සමාරම්භක තරගය පෙරවරු 11:00 ට ආරම්භ වීමට නියමිතය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරන 2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය පෙබරවාරි 7 වැනිදා සිට මාර්තු 8 වැනිදා දක්වා පැවැත්වේ.


























