වෙළදසැල් පහක් හා කෝවිලක පින් කැටයක් කැඩූ දෙදෙනෙක් අත්අඩංගුවට

මුලතිව් පුදුකුඩීඉරිප්පු නගරයේ වෙළදසැල් පහක් සහ කෝවිලක පින් කැටයක් කඩා මුදල් හා භාණ්ඩ සොරකම් කරන ලද තරුණයින් දෙදෙනෙකු පුදුකුඩීඉරිප්පු පොලීසිය ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයින් දෙදෙනා වයස අවුරුදු 24ක හා වයස අවුරුදු 15ක දෙදෙනෙකුවන අතර, ඔවුන් පුදුකුඩීඉරිප්පු මන්තුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන්.

නගරයේ වෙළදසැල් සහ කෝවිලක පින්කැටයක් කඩන ලද බවට පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව නගරයේ සී.සී.ටීවී කැමරාවල සටහන් වී තිබුණු දර්ශන මත සැකකරුවන් දෙදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබෙනවා.

එහිදී ඔවුන් විසින් සොරකම් කළ භාණ්ඩවලින් විශාල ප්‍රමාණයක් සහ මුදලින් රුපියල් 46,230ක් පොලීසියට සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

වෙළදසැල්වල සහ පින් කැටයේ ඊට වඩා වැඩි මුදලක් තිබී ඇති අතර, ඉතිරි මුදල් සැකකරුවන්ට වියදම් වූ බවයි ඔවුන් පොලීසියට පවසා තිබෙන්නේ.

සැකකරුවන් දෙදෙනා මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පුදුකුඩීඉරිප්පු පොලීසිය පියවර ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *