වෛද්‍යවරුන්ගේ දීමනා කප්පාදු කොට පවුලේ වෛද්‍යවරුන් දස දහසක් යොදන බව පැවසීම ආණ්ඩුව කරන ලොකුම විහිළුවක්..

සෑම රාමීය කොට්ඨාසයකටම වග කියන පවුලේ වෛද්‍යවරුන් දස දහසකට ආසන්න ප්‍රමාණයක් ස්ථාපිත කරන බවට ජාතික ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි සඳහන්ව තිබීමත් ඒ සම්බන්ධව පාලිමේන්තුව තුළ දී සෞඛ්‍ය අමාත්‍යවරුන් ප්‍රකාශ කරන අතර විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රට තුළ රඳා සිටවීම අධෛර්යයට පත් කරන අන්දමේ ඔවුන් මේ දක්වා දිනාගෙන තිබූ අවම දීමනාවන් පවා ගෙවන ප්‍රතිශත කප්පාදු කිරීම අහසට පොළඹින් නොගැලපෙන ප්‍රකාශ බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.

පවුලේ වෛද්‍යවරුන් දස දහසක් අනුයුක්ත කළ හැකිනම් එය අගනා පියවරක් වන නමුත් දැනටමත් මෙරට සෞඛ්‍ය පද්ධතිය පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමාණය සීමා වෙමින් පවතින තත්ත්වයක් යටතේ ඔවුන්ට මේ දක්වා ගෙවමින් තිබූ අමතර දීමනා සහ රජයේ නිවාඩු දින දීමනා ද කැපී පෙනෙන ලෙස ප්‍රතිශතාත්මක ලෙස කප්පාදු කිරීම කණගාටුවට කරුණක් බව ඔහු පෙන්වා දුන්නේය.

අලුතින් බිහිවන අය තරුණ වෛද්‍යවරුන්ට විදේශීය ද්‍ය ක්ෂේත්‍රයට එකතුවීම සඳහා සූදානම් සිටින බවත් ඛ්‍ය පද්ධති ස්ථාවර භාවය සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුම් ලබාදීමට වර්තමාන රජය අසමත්ව ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

පවුලේ වෛද්‍යවරුන් දස දහසක් අනුයුක්ත කරන්නේ නම් මෙරට සෞඛ්‍ය පද්ධතිය පුළුල් ලෙස විස්තාරණය කළ යුතු බවත් ඒ සම්බන්ධව නාමිකව ප්‍රකාශ කිරීම වෙනුවට ප්‍රායෝගික වැඩසටහන් හඳුන්වාදීමට රජය අපොහාසත් වී ඇති බවද සංජිව මහතා පවසයි.

පවුලේ වෛද්‍යවරුන් හඳුන්වාදීම හරහා ප්‍රධාන රෝහල්වල පවතින තදබදය අවම කළ හැකි වන අතර ඒ සම්බන්ධව මෙතෙක් සාකච්ඡාවක් පවා ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු කර නොමැති බවද ඔහු වැඩිදුරටත් පවසයි

What's your reaction?

Related Posts

1 of 577

Leave A Reply

Your email address will not be published. Required fields are marked *