වෛද්‍ය පර්යේෂණ ආයතනයට වසර 125ක් සපිරීම නිමිත්තෙන් වැඩසටහන් මාලාවක්

වෛද්‍ය පර්යේෂණ ආයතනයට වසර 125ක් සපිරීම නිමිත්තෙන් වසර පුරා විහිදෙන වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනය වර්ෂ 1900දී පිහිටුවන ලද අතර එය දකුණු ආසියාවේ තිබෙන පැරණිතම රසායනාගාරයක් වේ.
මෙම වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන අද පැවැත්වෙන අතර, සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ පසු දින සංඝරත්නය උදෙසා දානමය පිංකමක් කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්ති විද්‍යාව සම්බන්ධ පළමු මාසික විද්‍යාත්මක සැසිය අද පැවැත්වෙන අතර මීට අමතරව වසර පුරා මාසික විද්‍යාත්මක සැසි වාර, 125 සංවත්සරයට සමගාමීව පවත්වන ක්‍රිකට් තරඟාවලියක්, වෛද්‍ය ප්‍රදර්ශනයක්, කාර්යය මන්ඩලය සඳහා වෛද්‍ය පරීක්ෂණ කඳවුරක් සහ තෙදින ජාත්‍යන්තර විද්‍යාත්මක සම්මන්ත්‍රණ මාලාවක් ඉදිරියේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *