වෛද්‍ය වැඩ වර්ජනය නිදහස් සෞඛ්‍ය සේවයේ බරපතළ අර්බුදයක පෙරනිමිත්තක් – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

වෛද්‍යවරුන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හුදෙක් වැටුප් හෝ පෞද්ගලික වරප්‍රසාද ලබාගැනීම සඳහා කරන ලද්දක් නොව, මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව මුහුණ දී ඇති බරපතළ කඩාවැටීම පිළිබඳව රජයට කරන අනතුරු ඇඟවීමක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව ජනගහනය 1,000කට එක් වෛද්‍යවරයකු සිටිය යුතු වුවත්, ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයකුට ජනගහනය 1,750ක් වැනි ඉහළ ප්‍රමාණයක් ආවරණය කිරීමට සිදුව ඇති බවත්, ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට වෛද්‍යවරුන් ඉතා අවම වැටුපක් ලබන බවත් ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන් සිංගප්පූරුව වැනි රටවල වෛද්‍යවරයකුගේ වාර්ෂික ආදායම ඩොලර් ලක්ෂ 2කට ආසන්න වන විට ශ්‍රී ලංකාවේ එම අගය ඩොලර් 10,000ක් වැනි පහළ මට්ටමක පවතින බව හෙතෙම සඳහන් කළේය.​වත්මන් රජය බලයට පත්වීමේදී වෛද්‍යවරුන්ගේ වෘත්තීය ගරුත්වය සහ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කිරීමට පොරොන්දු වුවද, අවසානයේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් දක්වා තල්ලු කිරීමට ආණ්ඩුවම කටයුතු කර ඇති බව චමල් සංජීව මහතා චෝදනා කරයි. පසුගිය කාලසීමාව තුළ වෛද්‍යවරුන් 2,000කට අධික පිරිසක් රට හැර යාම, ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය, ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම සහ අසාධාරණ බදු ප්‍රතිපත්ති වැනි ගැටලු රැසක් හේතුවෙන් සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ඔහු පවසයි. මෙම තත්ත්වය හමුවේ නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කර ගැනීමට නම් රජය වහාම මැදිහත් වී වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ගැටලුවලට සාධාරණ විසඳුම් ලබාදිය යුතු බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 981

Leave A Reply

Your email address will not be published. Required fields are marked *