2025 පෙබරවාරි 19 වන දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ සැකකරු සන්තකයේ තිබී නීතිඥ හැඳුනුම්පතක් පොලිස් හාරයට ගෙන ඇති බවට මාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් කරුණු හෙළිදරව් වී ඇති බවයි.
එම නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ එකී හැඳුනුම්පත පරීක්ෂා කිරීමේදී එහි සඳහන් නම ඇතුලත් නීතිඥවරයෙක් නීතීඥ සංගමයේ සාමාජිකත්වය නොදරන අතර එහි ඇතුලත් සාමාජික අංකය, ශ්‍රේෂ්ඨාධිකරණයේ ලියාපදිංචි අංකය සහ QR කේතය යන සියලු තොරතුරු ව්‍යාජ තොරතුරු බවට දත්ත පද්ධතිය අනුව හෙළිදරව් වී ඇති බවයි.