​ශ්‍රී ලංකාවේ 78 වැනි නිදහස් සැමරුමට ඉන්දියාවෙන් උණුසුම් සුබපැතුම්

​ශ්‍රී ලංකාවේ 78 වැනි නිදහස් දින සැමරුම නිමිත්තෙන් මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සිය සුබපැතුම් එක් කර තිබේ. X (ට්විටර්) පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, ලංකාවේ සමීපතම සහ විශ්වාසවන්ත සහයෝගිමත් අසල්වැසියා ලෙස මෙම සුවිශේෂී ජයග්‍රහණයේ සතුට බෙදා ගැනීමට ඉන්දියාව සැමවිටම සූදානම් බවයි. දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහෝදරත්වය මෙම සුබපැතුම් පණිවිඩය හරහා ඔහු යළිත් තහවුරු කර ඇත.​මෙවර නිදහස් දින සැමරුමට සමගාමීව ඉන්දියාවෙන් වැඩැම්වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද පෙරවරුවේ ආරම්භ වූ බව මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය. මෙය නිදහස් සැමරුම් දිනය වඩාත් අර්ථවත් සහ සුවිශේෂී කරන අවස්ථාවක් බවත්, ආධ්‍යාත්මික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන සංකේතයක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,000

Leave A Reply

Your email address will not be published. Required fields are marked *