ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඉන්දීය පහුණුවකුගෙන් පණක්: නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ආර්. ශ්‍රීධර් පත්වෙයි

​අයි.සී.සී. පිරිමි විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තෙක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ආර්. ශ්‍රීධර් මහතා පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) නිවේදනය කරයි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) තෙවන මට්ටමේ සුදුසුකම් ලත් පුහුණුකරුවෙකු වන ශ්‍රීධර් මහතා, 2014 සිට 2021 දක්වා කාලය තුළ ඉන්දීය ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ජාත්‍යන්තර තරග 300කට අධික අත්දැකීම් සහිත දක්ෂයෙකි. ඔහු ලබන වසරේ මාර්තු 10 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම ධුරයට පත් කර ඇති අතර, ඉදිරි පකිස්ථාන සහ එංගලන්ත සංචාරයන්හිදී මෙන්ම ලෝක කුසලාන සූදානම් කිරීමේ කටයුතුවලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පන්දු රැකීමේ ප්‍රමිතිය ඉහළ නැංවීමට කටයුතු කරනු ඇත. ​තම පත්වීම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීධර් මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහජ දක්ෂතාවයෙන් හා සාමූහික හැඟීමෙන් යුත් පිරිසක් බවයි. නව ක්‍රමවේදයන් බලෙන් පැටවීමට වඩා, ක්‍රීඩකයින් තුළ පන්දු රැකීම කෙරෙහි ඇති උනන්දුව සහ ආත්ම අභිමානය ස්වභාවිකව වර්ධනය වන පරිසරයක් නිර්මාණය කිරීම තම අරමුණ බව ඔහු සඳහන් කළේය. මීට පෙරද ශ්‍රී ලංකාවේ ඉහළ දක්ෂතා මධ්‍යස්ථානයේ දින 10ක විශේෂ පුහුණු වැඩසටහනක් මෙහෙයවා ඇති ඔහු, ශ්‍රී ලංකාවට ආවේණික වූ වේගවත් දෑත් සහ තීරණ ගැනීමේ හැකියාව වඩාත් ඔප්නැංවීමට තරගකාරී පුහුණු වටපිටාවක් නිර්මාණය කරන බව වැඩිදුරටත් පැවසීය.

What's your reaction?

Related Posts

1 of 908

Leave A Reply

Your email address will not be published. Required fields are marked *