රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා නව තානාපතිනිය ලෙස පත් වූ ශෝබිනී ගුණසේකර මහත්මිය මොස්කව් නුවර ක්‍රෙම්ලින් මාලිගයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවාය. රාජ්‍යතාන්ත්‍රික ප්‍රොටොකෝලයන්ට අනුකූලව පැවැති මෙම උත්සවයට රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ විදේශ ප්‍රතිපත්ති උපදේශක යූරි උෂාකොව් ද එක්ව සිටියහ. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති පුටින් මහතා, හවුල්කාර රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත්, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමටත් රුසියාව සූදානම් බව අවධාරණය කළේය.අක්තපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව පැවති සුහද හමුවේදී, තානාපතිනිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ උණුසුම් සුභාශිංසන රුසියානු ජනාධිපතිවරයා වෙත පිරිනමන ලදී. විශේෂයෙන්ම සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම හමුවේ රුසියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය සහ සහයෝගීතාවය ඇය මෙහිදී අගය කළාය. දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය පදනම් කරගනිමින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවත්, එය තවදුරටත් වර්ධනය කිරීමට රුසියාව කැපවී සිටින බවත් මෙහිදී දෙපාර්ශවයම සහතික වූහ.


























