ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා රුමේනියාවේ සිදු කළ නිල සංචාරය අතරතුර එරට ආර්ථික, ඩිජිටල්කරණ, ව්‍යවසායකත්ව සහ සංචාරක අමාත්‍ය ඇම්බ්‍රෝස්-ඉරීනියු ඩාරාවු මහතා හමුවී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව සාර්ථක සාකච්ඡාවක නිරත විය. 2027 වසරට යෙදෙන දෙරට අතර 70 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයට සමගාමීව පැවැත්වුණු මෙම හමුවේදී, රුමේනියාවේ සේවය කරන 25,000කට අධික ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියා විධිමත් කිරීම වෙනුවෙන් වූ ඓතිහාසික කම්කරු ගිවිසුමකට අමාත්‍යවරයා අත්සන් තැබීය. රුමේනියාව සමඟ පවතින ඇමරිකානු ඩොලර් මිලියන 42ක වාර්ෂික වෙළඳ ගනුදෙනු තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කෙරුණු අතර, පළතුරු, එළවළු සහ පාන වර්ග එරටට අපනයනය කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බවත්, මෙරට සංචාරක සහ ඩිජිටල් ක්ෂේත්‍රවල ආයෝජනය කරන ලෙසත් අමාත්‍යවරයා රුමේනියානු රජයෙන් ඉල්ලා සිටියේය.යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන GSP+ බදු සහනය මෙම වසර අවසානයේදී අවසන් වීමට නියමිත බැවින්, එය යළි ලබා ගැනීම සඳහා යුරෝපා සංගමයේ සාමාජික රටක් ලෙස රුමේනියාවේ සහාය අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය. මෑතකදී ශ්‍රී ලංකාව මුහුණ දුන් ‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වයේදී රුමේනියාව දැක්වූ සහාය පිළිබඳව කෘතඥතාව පළ කළ අමාත්‍ය හේරත් මහතා, ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන ස්ථාවරත්වය සහ වර්ධනය වන ආර්ථිකය හමුවේ ආයෝජනයට සුදුසුම කාලය මෙය බව පෙන්වා දුන්නේය. පසුගිය වසරේ රුමේනියානු සංචාරකයින් 6,000ක් මෙරටට පැමිණ ඇති බවත්, ඉදිරියේදී එම සංඛ්‍යාව වැඩි කර ගැනීමටත්, දෙරට අතර ආර්ථික, සංස්කෘතික සහ පුද්ගල සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමටත් මෙම සංචාරය ඉතා වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


























