ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා ආපදා සහන කණ්ඩායම සහ මානුෂීය ආධාර මියන්මාරය වෙත ළඟා වේ

මියන්මාරය මුහුණපානු ලැබු ව්‍යසන අවස්ථාවේදී ඓතිහාසික වශයෙන් මියන්මාරය සමග පවත්නා මිත්‍රත්තවය තවදුරටත් ශක්තිමත් කරමින් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්‍ෂක ලේකම්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විදේශ අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුලු පාර්ශවකාර ආයතනවල සම්බන්ධීකරණයෙන් ක්ෂණිකව සංවිධානය කර මානුෂීය ආධාර සහිතව මියන්මාරය වෙත පිටත් කරන ලද හදිසි ප්‍රතිචාර දැක්වීමේ නිළධාරී කණ්ඩායම පසුගියදා මියන්මාරයේ යැන්ගොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.


මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති, යැංගොන් කලාපීය ප්‍රධාන අමාත්‍ය U Soe Thein මහතා ඇතුලු පිරිසක් විසින් ශ්‍රී ලාංකික සහන සේවා කණ්ඩායම ගුවන් තොටුපළ වෙත ළඟා වූ අවස්ථාවේදී ඔවුන් පිළිගෙන ඇත.
මෙම හදිසි ආපදා අවස්ථාවේදී මියන්මාර රාජ්‍යය වෙත හදිසි ආධාර යැවීමට ශ්‍රී ලංකා රජය ඇතුළු සියලු ශ්‍රී ලාංකික ජනතාව ගත් පියවර පිළිබඳ යැංගොන් ප්‍රධාන අමාත්‍යවරයා සිය ප්‍රශංසාව එක් කර ඇති අතර, ශ්‍රී ලංකාව විසින් දැක්වූ මෙම අගනා සහාය ඔස්සේ දෙරට අතර පවතින දිගුකාලීන සමීප මිත්‍ර සබඳතාවන් යළිත් අවධාරණය කර ඇත.
මියන්මාරයේ පරිපාලන අගනුවර වන නේපි ටෝ (Nay Pyi Taw) හි ආපදාවට ලක් වූ ප්‍රදේශවල මානුෂීය ආධාර සහ සහන කටයුතු සඳහා ශ්‍රී ලංකා සහන සේවා කණ්ඩායම යෙදවීමට නියමිතව ඇත.

What's your reaction?

Related Posts

1 of 690

Leave A Reply

Your email address will not be published. Required fields are marked *