ඕස්ට්‍රේලියාවට එරෙහිව පසුගිය සෙනසුරාදා (25) සිඩ්නි නුවර පැවති තුන්වන එක්දින තරගයේදී උඩ පන්දුවක් රැකීමේදී ප්ලීහාව තුවාල වීමෙන් (lacerated spleen) අනතුරුව රෝහල්ගත කර සිටින ඉන්දීය පිතිකරු ශ්‍රේයස් අයියර් මහතා “සාර්ථකව සුවය ලබමින්” සිටින බව වාර්තා වේ.ඕස්ට්‍රේලියාවේ ඇලෙක්ස් කෙරී (Alex Carey) දැවී යාම සඳහා පිටුපසට දුවමින් උඩ පන්දුවක් රැකීමට උත්සාහ කළ අයියර්, 34 වැනි ඕවරයේදී අසාමාන්‍ය ලෙස බිම වැටීමෙන් අනතුරුව මෙම තුවාලය සිදුව ඇත.30 හැවිරිදි මෙම ක්‍රීඩකයා ක්ෂණිකව සිය උදරයේ පැත්තක් අල්ලාගෙන, පිටිය තුළ ප්‍රතිකාර ලබා ගත් අතර, පසුව රෝහල් ගත කරන ලදී. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) ඔහු නැවත ක්‍රීඩාවට පිවිසෙන දින වකවානුවක් ප්‍රකාශ කර නොමැති නමුත්, ඔහු “වෛද්‍යමය වශයෙන් ස්ථාවර” බව තහවුරු කර ඇත.”ශ්‍රේයස් අයියර්ට සිඩ්නි හි ඕස්ට්‍රේලියාවට එරෙහි තුන්වන එක්දින තරගයේදී වම පහළ ඉළඇට ප්‍රදේශයට බලපෑමක් හේතුවෙන් තුවාලයක් සිදුවුණා. වැඩිදුර තක්සේරු කිරීම් සඳහා ඔහුව රෝහල්ගත කෙරුණා.” යැයි BCCIය සඳුදා (27) නිකුත් කළ නිවේදනයක දැක්වේ.”ස්කෑන් පරීක්ෂණවලින් ප්ලීහාව තුවාල වීමක් හෙළි වී තිබෙනවා. ඔහු ප්‍රතිකාර ලබනවා, වෛද්‍යමය වශයෙන් ස්ථාවරයි, සහ සාර්ථකව සුවය ලබමින් සිටිනවා.””BCCI වෛද්‍ය කණ්ඩායම, සිඩ්නි සහ ඉන්දියාවේ විශේෂඥ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කරමින්, ඔහුගේ තුවාල තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනවා. ඔහුගේ දෛනික ප්‍රගතිය තක්සේරු කිරීම සඳහා ඉන්දීය කණ්ඩායමේ වෛද්‍යවරයා ශ්‍රේයස් සමඟ සිඩ්නි හි රැඳී සිටිනු ඇත.”ඉන්දියාව මෙම තරගය කඩුලු 9කින් ජයග්‍රහණය කළ නමුත්, තරගාවලිය 2-1ක් ලෙස පරාජය විය.දෙරට අතර පන්දුවාර 20 තරග පහකින් යුත් තරගාවලියක් බදාදා (29) කැන්බරාහිදී ආරම්භ වීමට නියමිතය.





















