ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කරන බවත් , කඩඉම් ලකුණු ප්‍රමාද වීමට හේතුව විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයක් නොවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රමාද වීම සම්බන්ධයෙන් අද(27) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී දයාසිරි ජයසේකර යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
ශිෂ්‍යත්ව විභාගයේ කඩඩම් ලකුණු ප්‍රමාද වීමට හේතුව විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයක් නොවන බවත් ඊට හේතු වූයේ අධිකරණයේ පැවති නඩු විභාගය බවත් අගමැතිවරිය මෙහිදී පෙන්වා දුන්නාය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ 2024 පහවසර ශිෂ්‍යත්ව විභාගය සඳහා දෙමළ මාධ්‍යයෙන්ද සිසුන් ඉදිරිපත් වූ බවයි. නැවත විභාගය පැවැත්වූයේ නම් ඔවුන්ට ගැටලුවක් මතුවන බවත් ඇය පෙන්වා දුන්නාය.
2024 වර්ෂයේදී පහ ශ්‍රේණියේ ප්‍රශ්න පත්‍රවල අන්තර්ගත ප්‍රශ්න කිහිපයක් බාහිර පාර්ශවයන් වෙත ලැබී තිබූ තත්වයේදී අගතියට පත් සිසුන් වෙනුවෙන් බහුතරයක ඉල්ලීම් වූයේ විභාගය නැවත පැවැත්වීම නොවන බවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවක් පත්කර එහි තීරණ ක්‍රියාත්මක කළ අගමැතිවරිය පෙන්වා දුන්නාය.
එමෙන්ම දරුවන්ගේ සහ දෙමාපියන්ගේ පීඩාව වැඩිකිරීමට අවශ්‍යනොවූ බවත්, ඒ අනුව 2024ශිෂ්‍යත්වය විභාගය නැවත නොපැවැත්වීමේ තීරණය ගනු ලැබූ බවත් ඇයවැඩිදුරටත් ප්‍රකාශ කළාය.එමෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය පවත්වාගන යායුතු බවත් ඒ සඳහා අමාත්‍යවරයාට අතගැසීමට නොහැකිබවත් අග්‍රාමාත්‍යවරිය තවදුරටත් ප්‍රකාශ කළාය.