තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් වත්මන් රජය මෙරට දේශීය සංස්කෘතියට සහ ආගමට එරෙහිව කටයුතු කිරීමට සූදානම් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සිදුකළ ප්‍රකාශ හරහා මෙම සත්‍යය තහවුරු වන බවයි. කබාය අඳින පිරිස්වලට පහර දෙන බවටත්, සිවුරු දරන්නන් පිළිබඳව තැකීමක් නොකරන බවටත් අමාත්‍යවරයා කළ ප්‍රකාශවලින් ගම්‍ය වන්නේ, රජය සිය බලය රැක ගැනීම වෙනුවෙන් මෙරට සංස්කෘතික හා ආගමික පදනම විනාශ කිරීමට පසුබට නොවන බව යැයිද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


























