සක්‍රීය නැගෙනහිර තරංගයක් ලංකාවට: ලබන 29 සිට වැසි තත්ත්වය ඉහළට!

ලබන දෙසැම්බර් 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින හරහා සක්‍රීය නැගෙනහිර තරංගයක් ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, එදින සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි තත්ත්වයේ වැඩි වීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම යන පළාත්වලට මෙම තත්ත්වය තදින් බලපානු ඇතැයි අනුමාන කෙරේ. මේ හේතුවෙන්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඉදිරියේදී නිකුත් කරනු ලබන නිවේදන සහ අනාවැකි පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 1,058

Leave A Reply

Your email address will not be published. Required fields are marked *