සජිත් එක්ක අර්ජුන එක් වෙයි

සමගි ජන සන්ධානය අද (01) පෙරවරුවේ වතුකරයේ ද මැයි රැළියක් සංවිධාන කර තිබුණා.

තලවකැලේ නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති මෙම මැයි දින රැළියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද සහභාගී වුණා.

මෙහිදී මෙම රැළිය සඳහා හිටපු ක්‍රිකට් නායක මෙන්ම හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගද සහභාගි වීම විශේෂත්වයක්.

එමෙන්ම, සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයේ මැයි දින රැළිය කොළඹ පහළ චැතැම් වීදියේදී අද පස්වරු 03.00ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි.

‘සමගි රටක් – අනගි හෙටක්’ යන්න මෙවර සමගි ජන සන්ධාන මැයි රැළියේ තේමාවයි.

What's your reaction?

Related Posts

1 of 1,187

Leave A Reply

Your email address will not be published. Required fields are marked *