සමලිංගික සංචාරක ව්‍යාපෘතියට තැබූ අනුමැතිය ඉවතට!

​ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් LGBTQ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා නිකුත් කර තිබූ අනුමැති ලිපිය ඉල්ලා අස්කර ගන්නා බව නීතිපතිවරයා අද (පෙබරවාරි 10) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. අදාළ ව්‍යාපෘතිය අනුමත කරමින් ගනු ලැබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී මෙම ප්‍රකාශය සිදු කෙරුණු අතර, ඒ අනුව එම පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා මාර්තු මස 4 වනදා යළි කැඳවීමට අධිකරණය නියම කළේය.

What's your reaction?

Related Posts

1 of 1,007

Leave A Reply

Your email address will not be published. Required fields are marked *