සර්ව ජන බලයෙන් ගම්මන්පිල කොළඹට තරග කරයි. විමල් වීරවංශගෙන් තවම තීරණයක් නෑ!__

සර්ව ජන බලය යටතේ කොළඹ දිස්ත්‍රික්ක්කයෙන් පාර්ලිමේන්තු මහා මැතිවරණයට තරග කිරීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල අද (09) නාම යෝජනා අත්සන් කළේ ය.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ ඉදිරි පාර්ලිමේන්තුවේදී ප්‍රධාන විපක්ෂය පිහිටුවා ආණ්ඩුවට අභියෝග කිරීමේ බලාපොරොත්තුවෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට අදහස් කරන බවයි.

මීළඟ පාර්ලිමේන්තුවේදී මහජනතාව වෙනුවෙන් හඬ නැගීමට තමන් සූදානම් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර සර්වජන බලය සන්ධානය යටතේ තරග කිරීම සඳහා නාමයෝජනා අත්සන් කර ඇති පිරිස අතර නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ද සිටියි.

කෙසේ වෙතත්, මෙම සන්ධානයේ සාමාජිකයෙකු වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ කුමන තීරණයක් ගනී ද යන්න මෙතෙක් වාර්තා වී නොමැත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *