ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව වෙනස් කිරීමේ චක්‍රලේඛවලට එරෙහි පෙත්සම: හිටපු සහ වත්මන් ජනපතිවරුන්ට අධිකරණයෙන් නොතීසි!

වෛද්‍ය ක්‍රියාපටිපාටීන් හරහා පුද්ගලයින්ට තම ස්ත්‍රී පුරුෂ අනන්‍යතාව වෙනස් කිරීමට අවසර ලබාදෙන රජයේ වැඩසටහන් සහ චක්‍රලේඛ අභියෝගයට ලක් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව, හිටපු සහ වත්මන් රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකුට නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ටත්, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් නීතිපතිවරයාටත්, තවත් පාර්ශව කිහිපයකටත් මෙලෙස නොතීසි නිකුත් කර ඇත.​විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් ගොනුකළ මෙම පෙත්සම මගින් පෙන්වා දෙන්නේ ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමට අවසර දෙන රජයේ තීරණ නීතිවිරෝධී බවයි. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම කරුණු සලකා බැලුණු අතර, පෙත්සමට අදාළ විරෝධතා සතියක් ඇතුළත ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කෙරිණි. මෙම නඩුව නැවත ජූලි මස 20 වනදා කැඳවීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,010

Leave A Reply

Your email address will not be published. Required fields are marked *