සාත්තු සේවා වෘත්තිකයින් 119ක් මේ වසරේ දී ඊශ්‍රායලයට

2025 වසරේ ගත වූ දින කිහිපය තුළ ශ්‍රී ලාංකිකයින් 119ක් ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව හෙට (29) ඊශ්‍රායලය බලා යාමට නියමිත 152වන කණ්ඩායමට අයත් සාත්තු සේවා වෘත්තිකයින් 34 දෙනෙක් වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම ඊයේ (27) කාර්යාංශයේ දී සිදු වූ අතර, ඊට කාන්තාවන් 29ක් හා පිරිමි පුද්ගලයින් 05ක් අයත් වේ.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ පීබා (PIBA) ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 2,009ක් පිටත්ව ගොස් තිබේ.

ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව වන බැවින් ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 566

Leave A Reply

Your email address will not be published. Required fields are marked *