2024 (2025) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම එළඹෙන 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් සම්පූර්ණයෙන් තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම නියෝගය යටතේ අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදා හැරීම මෙන්ම බැනර්, පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් විභාග ප්‍රශ්න ප්‍රසිද්ධ කිරීම ද සපුරා තහනම් වේ. යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් මෙම උපදෙස් උල්ලංඝනය කරන්නේ නම් ඔවුන්ට එරෙහිව පැමිණිලි කළ හැකි බව ද එම දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. මෙවර සාමාන්‍ය පෙළ විභාගය මැයි 17 වනදා සිට 26 වනදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 3,545 කදී පැවැත්වීමට නියමිතය.


























