මෙම වසරේ සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවයට අදාළ නැකත් සීට්ටුව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා නිවේදනය කළේය. සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සකස් කරන ලද මෙම නැකත් සීට්ටුවට අනුව ඉදිරි අවුරුදු උත්සව සමයේ සියලුම නැකත් වේලාවන් සහ චාරිත්‍ර ඉටුකළ යුතු ආකාරය මහජනතාව වෙත දැනුම් දී තිබේ.



























