සිඩ්නි නුවර තවත් පිහි ඇණුමක්

ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර – වෙක්ලි ප්‍රදේශයේ දේව මෙහෙයක් අතරතුර එල්ල කළ පිහි ප්‍රහාරයකින් රදගුරුවරයෙකු ඇතුලු 4 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර සිඩ්නි නුවරට අයත් වස්ට්ෆීල්ඩ් – බොන්ඩායි ප්‍රදේශයේ සාප්පු සංකීර්ණයක් තුළ එල්ල කළ පිහි ඇණුමකින් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගියා.

අනතුරුව එය සිදු කළ පුද්ගලයා පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කළ අතර අද පිහි ඇණුම සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රහාරය සඳහා යොදා ගත් පිහිය කුමන වර්ගයේ එකක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *