හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය, පෞද්ගලික හේතූන් මත අද (27) දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටීමට නොහැකි බව දැනුම් දී තිබේ. පොලිසිය සඳහන් කළේ සිය නීතිඥවරයා මාර්ගයෙන් ලිඛිතව ඇය මෙම දැනුම් දීම සිදු කර ඇති බවයි. හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ පවත්වාගෙන ගිය “සිරිලිය” ගිණුමට අදාළ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබා දීමට අද පෙරවරු 9.00 ට ඇයට එහි පෙනී සිටින ලෙස මීට පෙර දන්වා තිබුණි. කෙසේ වෙතත්, පෞද්ගලික හේතූන් ඉදිරිපත් කරමින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉල්ලා ඇත්තේ වෙනත් දිනයක පෙනී සිටීම සඳහා තවත් සති දෙකක සහනයක් ලබා දෙන ලෙසයි.


























