සිව් දෙනෙක් ස්ථාන තුනකදී අත්අඩංගුවට –

මහබාගේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් 2025.02.01 වන දින උදෑසන පුද්ගලයින් සිව් දෙනෙකු ඇල්පිටිවල, මඟුල්පොකුණ සහ හොරපේ ප්‍රදේශ තුලදී අත්අඩංගුවට ගත්හ.

මෙම සැකකරුවන් සම්බන්ධව අනාවරණය වූ තොරතුරු සනාථකරමින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී

පළමු සැකකරුවෙකු සන්තකයේ තිබී යුධ හමුදා ක්‍රිඩා කමිස 01 ක්, කැමා ටී කමිස 02 ක්, කැමා නිළ ඇඳුම් 02 ක්, ඉන පටි 01 ක් පුචස් 01 ක්ද,

දෙවන සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලිග්‍රැම් 280 ක්, තෙවන සැකකරු භාරයේ තිබී ව්‍යාජ පිස්තෝල අවි 01 ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රැම් 700 ක්ද,

සිව්වන සැකකරු සන්තකයේ තිබී අඟල් 32 දිග ඇත් දළ 02 ක්, පොලිස් ක්‍රිඩා ටී ෂර්ට් 03 ක්, පොලිස් ක්‍රිඩා හිස් වැසුම් 01 ක්, ගමන් කථන 01 ක්, අත්විලංගු ජෝඩු 01 ක්, පොලිස් භාරයට ගෙන ඇත.

මොවුන් සම්බන්ධව මෙන්ම මොවුන් සිදුකර ඇති අපරාධ සම්බන්ධව අනාවරණය කරගැනීම සඳහා මහභාගේ පොලිස් ස්ථානය මගින් විමර්ශන ක්‍රියාත්මකය.

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *