සිවිල් සංවිධාන සුරා බදු කොමසාරිස් හමුවෙයි

සිවිල් සංවිධාන සුරා බදු කොමසාරිස් හමුවී තිබෙනවා

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මගෙන් රටට සංවිධානයේ සභාපති පවසා සිටියේ හොර මත්පැන් මඩින්න අලුත් මත්පැන් වර්ගයක් අඩු මිලට වෙළඳපොළට ගෙන එන බවත් සුරා බදු පැහැර හරින අයව කොටු කරන වැඩපිළිවෙළද පැහැදිලි කල බවයි

තවද පසුගිය දිනවල සුරා බදු අය කිරීම් සම්බන්ධයෙන් මගෙන් රටට සංවිධානය පැමිණිලි කර තිබූ අතර සුරා බදු ගෙවීම් පැහැර හැරීම් සම්බන්ධයෙන් සිදුකළ පැමිණිලි වලට අදාළව ආයතන කිහිපයකින්ම මේ වන විට සුරා බදු අය කරගෙන ඇති බවයි සුරාබදු කොමසාරිස්වරයා පවසා තිබෙනවා.

මගෙන් රටට සංවිධානයේ සභාපතිවරයා මාධ්‍ය වෙත පවසා සිටියේ මෙවැන්නක්

” පසුගිය දින වෙල බදු ගෙවපු නැති අය ගැන අපි හෙළිදරව් කරා..
ඒ අයගෙන් බදු ගන්න ක්‍රියා කරලා තියෙනවා..

දූෂිත නිලධාරීන් ගොඩක් සුරා බදු දෙපාර්තමේන්තුවේ සේවය කරන බවත් ඔවුන් පිළිබඳව නීති ක්‍රියාත්මක කරන බවත් පැවසුවා..

හොර මත්පැන් නැවැත්වීමට වැටලීම් දිගින් දිගටම සිදුකරන බවත් අපිට පොරොන්දු වුණා…

හොර මැත් පැන් අඩු කිරීමේ වැඩසටහනක් අනුව රජයේ මැදිහත්වීමෙන් නව මත්පැන් වර්ගයක් වෙළඳපොළට නිකුත් කරන බවත් රුපියල් 2000කට අලෙවිකරණ සහනදායී මත්පැන් හඳුන්වා දෙන බවත් කියා සිටියා..

බදු එකතු කිරීමට කටයුතු පුළුල් කරන බවත් වැටලීම් වැඩි කරන බවත් පොරොන්දු වුණා..”

What's your reaction?

Related Posts

1 of 467

Leave A Reply

Your email address will not be published. Required fields are marked *