සුඛෝපභෝගී වියදම්වලට වඩා මහජන සුභසාධනයට ප්‍රමුඛතාවය ලබා දෙමින්, වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලා සිටී. මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, රජයේ රෝහල්වල රෝගීන්ගේ අවශ්‍යතා නොසලකා හරිමින් නිලධාරීන්ට ණය පදනම මත වාහන ලබා දීමට රජය කටයුතු කිරීම විවේචනයට ලක්විය යුතු බවයි.ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අයත් උපකරණ ණය ලබා ගැනීම සඳහා ප්‍රදර්ශනය කරමින් සුඛෝපභෝගී වාහන වෙනුවෙන් වියදම් කිරීම ලැජ්ජා සහගත කරුණක් බවත්, එවැනි වියදම් සම්බන්ධයෙන් ප්‍රශ්න නොකිරීම කණගාටුදායක බවත් ඔහු සඳහන් කළේය. සාමාන්‍ය ජනතාව රජයේ රෝහල් තුළ පීඩා විඳිමින් සිටින බැවින්, එවැනි අරමුදල් සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට සහ වෛද්‍ය වෘත්තිකයන්ගේ සාධාරණ ඉල්ලීම් ඉටු කිරීමට යොමු කරන ලෙස මන්ත්‍රීවරයා වැඩිදුරටත් රජයෙන් ඉල්ලා සිටියේය.


























