අද (21) උදෑසන අඹේපුස්ස ත්‍රීකුණාමලය මාර්ගයේ බෙලිගමුව මහ කඩේ හන්දිය ආසන්නයේදී සිදු වූ යතුරු පැදි අනතුරකින් දෙදෙනෙකුට දිවි අහිමි වූ බව පොලිසිය වාර්තා කළා.
අද උදෑසන 6.30ට පමණ ගලේවෙල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය කළ යතුරුපැදිය පාර හරහා ගමන් කළ සුනඛයෙකුගේ ගැටී යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ග අයිනේ වු කාණුවට වැටී අනතුර සිදුව තිබෙනවා.
මෙහිදී යතුරුපැදියේ ගමන් කළ යතුරුපැදිකරු, පසුපැදිකාරිය හා කුඩා පිරිමි දරුවෙකු තුවාල ලබා ගලේවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් යතුරුපැදිකරු හා පසු පැදිකාරිය මිය ගොස් ඇති අතර අවුරුදු එකහාමාරක් වයසැති කුඩා පිරිමි දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.