සුපිරි පිතිකරු දිමුත් අවසන් වරට අද ටෙස්ට් පිටියට…

සත්කාරක ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර වෝන් – මුරලි කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද(06) ආරම්භ වේ.

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරන 100වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මෙය වන අතර මෙම තරගයෙන් අනතුරුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට නියමිතයි.

මෙම තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරන 100වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මෙය වේ.

මෙම තරගයෙන් අනතුරුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට නියමිතයි.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ලසිත් මාලිංග සිය සමාජ මාධ්‍ය ඔස්සේ දිමුත්ට සුබ පැතුම් එක්කර තිබුණි.

ආබාධයක් හේතුවෙන් පළමු තරගය අහිමි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙම තරගයට ක්‍රීඩා කරනු ඇති.

දඟ පන්දු යවන ක්‍රීඩක රමේෂ් ‍මෙන්ඩිස් ද ශ්‍රී ලංකා සංචිතය සමග එක්වී තිබේ.

තරගාවලියේ පළමු තරගය ඉනිමකින් සහ ලකුණු 242කින් ජය ගත්තේ ඔස්ට්‍රේලියාවයි.

ඒ අනුව ඔවුන් තරග 1ට 0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටි.

අද තරගය පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *