සුරාබදු නිවේදනය .

රජය විසින් පැනවූ සුරා බදූ වලට අදාළව මත්පැන් මිල වැඩිකිරීම සිදු නොකර එය සමාගම්වල ලාභයෙන් සහ මත්පැන් අලෙවිසැල් සඳහා ලබාදෙන ලාභයෙන් අඩුකරගෙන මෙතෙක් පැවති මිලම ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස තමන් කිසිදු මත්පැන් සමාගමකට උපදෙස් නොදූන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා පවසයි.

ඒ සදහා මත්පැන් නිෂ්පාදන සමාගම්වලට යෝජනා කිරීමට කිසිදු සාකච්ඡාවක් තමන් කැඳවුයේ නැතැ’යි ද හෙතෙම සදහන් කරයි.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වල පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද හෙතෙම අවධාරණය කර සිටියි.
රජය විසින් සුරාබදු ඉහළ නැංවීම හේතුවෙන් මේ වනවිට මත්පැන් මිලිලීටර් 750 බෝතලයක් සඳහා රුපියල් 120ක පමණත් මත්පැන් කාලේ බෝතලයක් සඳහා රුපියල් 25ක පමණත් මිල වැඩිකිරීමක් සිදුවී තිබේ.

What's your reaction?

Related Posts

1 of 462

Leave A Reply

Your email address will not be published. Required fields are marked *