සුරේෂ් සලේ පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර!

​2019 පාස්කු ඉරිදා මාලාබද්ධ තස්ත්‍රවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී අනාවරණය වූ පැහැදිලි සාක්ෂි මත පදනම්ව, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අද පෙරවරුවේ පෑලියගොඩ පොලිස් කොට්ඨාසයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා තහවුරු කළේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අත්අඩංගුවට ගත් ඔහුව වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාරදීමට නියමිත අතර, පැය 72 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතව ඇත. ඔහුට එල්ල වී ඇති නිශ්චිත චෝදනා විමර්ශන අවසානයේදී හෙළි කරන බවත්, ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය සහ මහජනතාව නියමිත වේලාවට දැනුවත් කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,027

Leave A Reply

Your email address will not be published. Required fields are marked *