“සුවසැරිය” ගිලන් රථ සේවාව සඳහා නව ප්‍රවර්ධන වැඩසටහනක්.

“සුවසැරිය” ගිලන්රථ සේවාව තවදුරටත් පුළුල් සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමටත්, එම සේවාවේ පවතින ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදෙමින් කාර්යක්ෂම සේවාවක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාම සදහා නව සැලැස්මක් යටතේ ක්‍රියාකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ පසුගියදා රාජගිරියේ පිහිටි සුවසැරිය ගිලන් රථ සේවා මධ්‍යස්ථානයේ දී පැවැති සාකච්ඡාවකට එක් වෙමිනි.

ආරම්භයේදී ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ක්‍රියාත්මක වූ  “සුවසැරිය” ගිලන්රථ සේවාව මේ වනවිට ශ්‍රී ලංකා රජය පවත්වාගෙන යනු ලබයි.  මෙහිදී සුවසැරිය ගිලන් රථ සේවාවේ වත්මන් ක්‍රියාකාරීත්වය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ පරීක්ෂාවට ලක්වූ අතර, එහිදී හදිසි විදාන සහ පාලන අංශය, දුරකථන ඇමතුම් සම්බන්ධතා ඒකකය ඇතුලු අංශ කිහිපයක් මෙන්ම “සුවසැරිය” ගිලන් රථයක් ද අමාත්‍යවරයාගේ පුළුල් නීරීක්ෂණයට ලක් විය. 

අනතුරුව 1990 “සුවසැරිය” පදනම අධ්‍යක්ෂ මණ්ඩලය සමග ගිලන් රථ සේවාවේ වත්මන් ක්‍රියාකාරීත්වය, ඉදිරි මෙහෙයුම් කටයුතු සහ යෝජිත සැලසුම් මෙන්ම පවතින ගැටළු පිළීබදව ද  විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි. 

What's your reaction?

Related Posts

1 of 539

Leave A Reply

Your email address will not be published. Required fields are marked *