පුද්ගලික විදුලි නිෂ්පාදන සමාගමට අයත් සුළං විදුලි කුලුනක තටුවක් හදිසියේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස කඩාවැටි ඇති බව වාර්තා වේ.
අදාළ සමාගමට අයත් සුළං කුලුණු 05ක් එම ස්ථානයේ ඇති අතර ඉන් එක් සුළං විදුලි උත්පාදන කුලුනක උස, අඩි 270 කට අධික වන අතර එහි සවිකර ඇති තටුවක් අඩි 129 ක පමණ දිගකින් සමන්විත වනවා.
අදාළ සුළං කුලුනේ තට්ටුව කඩාවැටීමෙන් එක් නිවසක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති අතර ඒ ආසන්නයේ පිහිටි තවත් නිවාස දෙකකට සුළු හානි සිදුව ඇත.
කෙසේවෙතත් මෙම සුළං තට්ට කඩා වැටීම සිදුවන අවස්ථාවේ දී එම නිවාසවල කිසිවකු සිට නැති බව වැඩිදුරටත් වාර්තා වනවා
මිට වසර 10 කට පමණ පෙර ස්ථාපිත කළ මෙම සුළං උත්පාදක කුළුණ කිසිඳු නඩත්තුවක් හෝ අලුත්වැඩියාවක් සිදු නොකිරිම හේතුවෙන් ලවණ මිශ්‍ර සුළං හේතුවෙන් දිරාපත්ව ඇති බව ප්‍රදේශවාසින් පවසනවා.
මිට පෙර අවස්ථා කිහිපයකදි කල්පිටිය ඉලන්තිඅඩිය, නොරොච්චෝල ආදි ප්‍රදේශවල ස්ථාපිත කර තිබු සුළං උත්පාදක කුළුණු ගිනි ගැනිම මෙන්ම ඒවායේ තටු කඩා වැටිම හේතුවෙන් අනතුරු කිහිපයක් වාර්තා වුණා.