සුළි කුණාටුවෙන් පීඩාවට පත් සිසුන්ට ජනපති අරමුදලින් තවත් රු. 10,000 ක දීමනාවක්

සුළි කුණාටුවෙන් පීඩාවට පත් පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් පිරිනමනු ලබන රුපියල් 10,000 ක දීමනාව ලබාදීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති කාර්යාලය අද නිවේදනය කළේය. මෙම සහනාධාර වැඩසටහනට අදාළ සියලුම මූල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යොමු කර ඇත. මීට පෙර රජය විසින් ලබා දුන් රුපියල් 15,000 ක දීමනාව හිමි වූ සෑම සිසුවෙකුටම මෙම නව මූල්‍ය ප්‍රතිලාභය ද හිමිවන බව රජය අවධාරණය කරයි.​ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෑතකදී අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළ පරිදි, මෙම ව්‍යසනයෙන් පීඩාවට පත් සෑම පාසල් දරුවෙකුටම හිමිවන මුළු මූල්‍ය ආධාරය රුපියල් 25,000 කි. විපතට පත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව ඉදිරියට කරගෙන යාම සඳහා සහාය වීම මෙම සහන වැඩසටහනේ මූලික අරමුණ වී තිබේ.

What's your reaction?

Related Posts

1 of 941

Leave A Reply

Your email address will not be published. Required fields are marked *