සුළි කුණාටුවෙන් පීඩාවට පත් සිසුන්ට රුපියල් බිලියන 1.9 ක මූල්‍ය සහන!

සුළි කුණාටුවෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවල පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා ජනාධිපති අරමුදල මගින් රුපියල් බිලියන 1.9කට අධික මුදලක් වෙන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිවේදනය කරයි. ඒ අනුව එක් සිසුවෙකුට රුපියල් 10,000 බැගින් ලබා දීම සඳහා රුපියල් 1,925,010,000ක මුදලක් වෙන් කර ඇති අතර, එම මුදල් බෙදා හැරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනටමත් යොමු කර තිබේ.​පීඩාවට පත් එක් සිසුවෙකු වෙනුවෙන් රජය මගින් රුපියල් 25,000ක සහනයක් ලබා දීමේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර, එය මහා භාණ්ඩාගාරයෙන් රුපියල් 15,000ක් සහ ජනාධිපති අරමුදලෙන් රුපියල් 10,000ක් ලෙස සමන්විත වේ. මේ වන විට අම්පාර, හම්බන්තොට, පොළොන්නරුව, මොනරාගල, මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල සිසුන් සඳහා ජනාධිපති අරමුදලේ ප්‍රතිපාදන නිදහස් කර අවසන්ය. ඉතිරි දිස්ත්‍රික්ක සඳහා ද ඉදිරියේදී කඩිනමින් මෙම මුදල් බෙදා දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,004

Leave A Reply

Your email address will not be published. Required fields are marked *