සොරකම් කරන ලද ජංගම දුරකථන සම්බන්ධයෙන් පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්!

අස්ථානගත වූ හෝ සොරකම් කරන ලද ජංගම දුරකථන විවිධ නීතිවිරෝධී කටයුතු සඳහා යොදාගැනීමේ ප්‍රවණතාවක් පවතින බැවින්, ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. දිනපතා දිවයින පුරා පොලිස් ස්ථාන වෙත මෙවැනි පැමිණිලි වාර්තා වන අතර, ඔබගේ දුරකථනය අන්සතු වූ විට එහි ඇති මූල්‍ය දත්ත, පෞද්ගලික ඡායාරූප සහ තොරතුරු අවභාවිත කරමින් ඔබව විවිධ අපරාධවල ගොදුරක් බවට පත් කිරීමට අපරාධකරුවන්ට හැකියාව ඇත. එබැවින් දුරකථනයක් නැති වූ වහාම අදාළ සේවා සපයන්නා හරහා සිම් (SIM) පත අක්‍රීය කිරීමටත්, පොලිසියට පැමිණිලි කිරීමේදී ජාත්‍යන්තර ජංගම උපකරණ අනන්‍යතා අංකය (IMEI) ලබා දීමටත් වගබලා ගත යුතුය. ඔබගේ IMEI අංකය දැනගැනීම සඳහා *#06# ඩයල් කර එය ආරක්ෂිතව සටහන් කර තබා ගන්නා ලෙස පොලිසිය උපදෙස් දෙයි.​නැතිවූ දුරකථන සොයාගැනීම සඳහා පොලිසිය විසින් ineed.police.lk නමැති මෘදුකාංග පද්ධතිය හඳුන්වා දී ඇති අතර, 2024 සහ 2025 වසරවලදී පමණක් එමගින් දුරකථන දහස් ගණනක් සොයාගෙන අයිතිකරුවන්ට භාර දී ඇත. අන්සතු දේපළක් ළඟ තබා ගැනීම ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වසර දෙකක් දක්වා සිරදඬුවම් ලැබිය හැකි වරදක් වන අතර, සොරකම් කරන ලද දුරකථන මිලදී ගැනීම වසර තුනක් දක්වා සිරදඬුවම් ලැබිය හැකි වරදකි. එබැවින් නව හෝ පාවිච්චි කරන ලද දුරකථනයක් මිලදී ගැනීමට පෙර, එය සොරකම් කරන ලද්දක් දැයි පරීක්ෂා කිරීමට “I Need” පද්ධතියේ ඇති “Find Genuine Phone” විශේෂාංගය භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් දන්වා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,010

Leave A Reply

Your email address will not be published. Required fields are marked *