අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ මෙරට ස්ථාපිත පළමුවන සහ පැරණිතම රාජ්‍ය ඔසුසල වන කොළඹ 07, ස්ථාපිත රාජ්‍ය ඔසුසලට වසර 51 පිරීම නිමිත්තෙන් එම පරිශ්‍රයේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා, “ඔබේ නගරයටත් ඔසුසලක් ” ව්‍යාපෘතිය යටතේ රාජ්‍ය ඔසුසල් නොමැති නගරවල කඩිනමින් රාජ්‍ය ඔසුසල් ස්ථාපිත කිරීමට අවධානය යොමු කරන බව ද මෙහි දී සඳහන් කළේ ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කොළඹ 07, රාජ්‍ය ඔසුසල් පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණයක නිරත වූ අතර ඔසුසල මගින් ජනතාවට සිඳු කෙරෙන කාර්යභාරය, එහි ස්ථාපිත නවීන රසායනාගාරය මෙන් ම රාජ්‍ය ඔසුසලේ නව ඉදිකිරීම් පිළිබඳ ව විශේෂ අවධානය යොමුකරමින් නිරීක්ෂණයක ද නිරත විය.
වර්තමානය වන විට තමන්ගේ නගරයටත් රජ්‍ය ඔසුසලක් ලබා දෙන ලෙස ජනතාවගෙන් නිරන්තරයෙන් ඉල්ලීම් ලැබෙන බව සිහිපත් කළ අමාත්‍යවරයා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යටතේ ක්‍රියාත්මක, වන වගකීමක් සහිතව සාධාරණ මිල ගණන් යටතේ ගුණාත්මක බව සහතික කළ ඖෂධ සපයන එකම රාජ්‍ය ආයතනය රාජ්‍ය ඔසුසල බව ජනතාව හඳුනාගෙන තිබීම එයට හේතුව බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. ජනතා ඉල්ලීමට අනුගතවෙමින් කඩිනම් වැඩපිළිවෙළක් ලෙස “ඔබේ නගරයටත් ඔසුසලක් යන ව්‍යාපෘතිය” ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
මෙම කඩිනම් වැඩපිළිවෙළ යටතේ උතුරු පළාත, නැගෙනහිර පළාත ඇතුළුව අනෙකුත් පළාත්වලත් ඔසුසල් නොමැති දිස්ත්‍රික්ක කේන්ද්‍රකර ගෙන රාජ්‍ය ඔසුසල් ස්ථාපිත කිරීමට අවශ්‍ය කඩිනම් සැලසුම් මේ වන විට සකස් කර ඇතිබව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර සිටියේ ය.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව 1971 වර්ෂයේ දී පිහිටුවන ලද බවත්, එහි නිර්මාතෘවරයා මෙන් ම පළමු සභාපතිවරයා වූ මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ දැක්මට අනුව කටයුතු කරන අතර ම, සෑම අවස්ථාවක දී ම මෙරට ජනතාවට ව්‍යාපාරයකට එහා ගිය ජනතාවාදී සේවාවක් රාජ්‍ය ඔසුසල මගින් සපයන බව ද නලින්ද ජයතිස්ස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.
පසුගිය දශක පහකට අධික කාලයක් තුළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මෙරට දීප ව්‍යාප්තව රාජ්‍ය ඔසුසල් 64 ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව ද , එම සියලු රාජ්‍ය ඔසුසල් මගින් කාර්යක්ෂම, ගුණාත්මක අඛණ්ඩව සේවාවක් මෙරට ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන බව ද තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
කොළඹ 07, රාජ්‍ය ඔසුසල රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා ඔසුසල් ජාලයේ ප්‍රධානතම ශාඛාව වන අතර එය පැය 24 පුරා ක්‍රියාත්මක වන අතර වැඩිම ඖෂධවේදීන් ප්‍රමාණයක් සේවය කරන එකම රාජ්‍ය ඔසුසල ද මෙය වේ. වැඩිම ඖෂධ අලෙවියක් සිදුකරන්නේ ද මෙම රාජ්‍ය ඔසුසල තුළින් බව ද මෙහි දී අනාවරණය විය.
පැරණි ගොඩනැගිල්ලේ ආකෘතියට හානියක් නොවන පරිදි එහි මුල් ස්වභාවය ආරක්ෂා කර ගනිමින් කොළඹ 07 ඔසුසල නවීකරණයන් සිදුකිරීමට පියවර ගන්නා මෙන් ද ඉදිකිරීම් නිරීක්ෂණය කරමින් අමාත්‍යවරයා මෙහි දී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කොළඹ 07, රාජ්‍ය ඔසුසල් පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති නවීන රසායනාගාරය මගින් සංස්ථාවේ ඖෂධ අදියර 4 ක් යටතේ පරික්ෂාවට ලක් කරනු ලබයි. එනම් ටෙන්ඩර් නියැදි පරික්ෂාව – නැව් ගත කිරීමට පෙර ලබාගත් නියැදි පරික්ෂාව – බෙදා හැරීමට පෙර නියැදි පරික්ෂාව සහ මහජනතාව වෙත බෙදා හැරීමෙන් පසු වෙළඳපොළ පැමිණිලි මත නියැදි පරික්ෂාවයි. මෙයට අමතරව වෛද්‍ය සැපයුම් අංශයේ ටෙන්ඩර් සාම්පල් පරික්ෂාව ද සිදු කරනු ලබයි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මනුජ් සී වීරසිංහ, කළමනාකාර අධ්‍යක්ෂ එම්.එල්. සුබසිංහ, සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක, මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ පුත් හිරන්ජන් බිබිලේ,මහාචාර්ය ක්‍රිෂාන්ත වීරසූරිය, විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.