සෞදි අරාබි තානාපති සහ යුරෝපා සංගමයේ (EU) මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂකවරයා අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.
ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති Khalid Hamoud Nasser Alkahtani සහ යුරෝපා සංගමයේ (EU) මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂක හා යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී José Ignacio Sánchez Amor ජනවාරි 16 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
රජයේ මූලික අරමුණ පළමු වසර දෙක තුළ රටේ ආර්ථිකය නඟා සිටුවීම බව අග්‍රාමාත්‍යවරිය පැවසීය. මෙම හමුවේදී මෙරට වෙළඳ, සංචාරක, පරිපාලන ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍ර පිළිබඳවද සාකච්ඡාවට ගැනිණ.
මෙම හමුවට ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති Carmen Moreno, ශ්‍රී ලංකාවට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානියා Sánchez Amor මහත්වරුන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
2025.01.17