හදිසි ගිනි ගැනීමක්

අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයේ අකුරණ බුලුගොහොතැන්න ගම්මානයේ දෙමහල් නිවාස දෙකක අද පස්වරු 6.40 ට පමණ ඇතිවූ හදිස්සි ගිනි ගැනීමකින් මුලුමනින්ම විනාශවී ඇතැයි  අලවතුගොඩ පොලීසිය පවසනවා.

       ගින්නෙන් ජීවිත හානි කිසිත් සිදුවී නොමැති අතර ගින්න මැඩපැවැත්වීම සඳහා මහනුවර නාගරික ගිනි නිවීමේ ඒකකය,පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව සිටියා.

        කෙසේ නමුත් ගින්නට හේතුව මෙතෙක් නිශ්චිත ලෙස අනාවරණය නොවී ඇති අතර  සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

What's your reaction?

Related Posts

1 of 767

Leave A Reply

Your email address will not be published. Required fields are marked *