හම්බන්තොට දිස්ත්‍රික් මහා රෝහලේ නව හෘද කැතීටර්කරණ රසායනාගාරයක් (Cardiac Catheterization Laboratory) ඉදිකිරීමේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආරම්භ කර තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි පරිත්‍යාගශීලී ශ්‍රී ලාංකික යුවළකගේ මූල්‍ය දායකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ජනවාරි 15 වන දින නිල වශයෙන් ආරම්භ කෙරිණි.නාවික හමුදාව විසින් ප්‍රජා සත්කාරක සෞඛ්‍ය වැඩසටහන් සඳහා දක්වන අඛණ්ඩ දායකත්වය විදහා දක්වමින් පැවැති මෙම සමාරම්භක අවස්ථාවට කොමදෝරු අරුණ වීරසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු නාවික හමුදාවේ සහ සෞඛ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.


























