හයිද්‍රාබාද් කණ්ඩායම පරදවා කොල්කටා අවසන් මහා සටනට

අද පැවති IPL play off වටයේ තරගයෙන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරදවා ජය හිමිකරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 159 පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 04 වැය කරමින් තරගය ජය ගත්තේ ලකුණු 164ක් ලබා ගනිමින්.

මෙම තරගය ජය ගැනීමත් සමඟ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *