හල්දුම්මුල්ලේදී බස් රථයක් පෙරළී මාරක අනතුරක්: රියදුරු ජීවිතක්ෂයට!

කොළඹ සිට වැලිමඩ බලා ධාවනය වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් අද (18) අලුයම හල්දුම්මුල්ල, ඌව තැන්න, නායමැඩිත්ත ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගලක වැදී පෙරළීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරින් බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, කාන්තාවක සහ කුඩා දරුවෙකු ඇතුළු තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි.​පොලිස් පරීක්ෂණවලට අනුව, අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු අසුන් පටි (Seat belt) පැළඳ සිට නොමැති අතර, රියදුරු අසුන අසල දොර හදිසියේ විවෘත වීමත් සමඟ ඔහු කලබලයට පත්ව පාලනය කරගත නොහැකි වූ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගලක වැදී පෙරළී ඇත. එම අවස්ථාවේදී රියදුරු බස් රථයෙන් පිටතට විසිවී වාහනයට යටවී ඇති අතර, ප්‍රදේශවාසීන් එක්ව ඔහුව බේරාගෙන රෝහල්ගත කළද ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබේ. තුවාල ලැබූවන් අතර සිටින හත් හැවිරිදි දරුවෙකු ඇතුළු සිව්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇත.

What's your reaction?

Related Posts

1 of 966

Leave A Reply

Your email address will not be published. Required fields are marked *