හල්දුම්මුල්ලේදී බස් රථයක් පෙරළී රියදුරු මරුට: කුඩා දරුවෙකු ඇතුළු පිරිසකට තුවාල

​කොළඹ සිට වැලිමඩ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හල්දුම්මුල්ල, කළුපහන ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී පෙරළීමෙන් සිදුවූ අනතුරකින් එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ. ජනවාරි 18 වනදා උදෑසන සිදුවූ මෙම අනතුරට හේතු වී ඇත්තේ, රියදුරු අසුන අසල විවෘතව තිබූ දොරක් වසා දැමීමට උත්සාහ කිරීමේදී රියදුරුට බස් රථයේ පාලනය ගිලිහී යාම බව පොලිසිය පවසයි.​අනතුරින් මියගොස් ඇත්තේ දෙහිවත්ත-අටම්පිටිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු හල්දුම්මුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, අනතුරින් බස් රථයේ කොන්දොස්තරවරයා, 11 හැවිරිදි පිරිමි ළමයෙකු, කාන්තාවක සහ තවත් මගීන් සිව්දෙනෙකු තුවාල ලබා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් හල්දුම්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

What's your reaction?

Related Posts

1 of 1,004

Leave A Reply

Your email address will not be published. Required fields are marked *