හලාවත මේරියන්ස් කණ්ඩායට ශූරතාවය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ඊයේ කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා

මෙහිදී හලාවත මේරියන්ස් කණ්ඩායම සමග යුද හමුදා කණ්ඩායම තරඟ වැදුණා. මුලින් පන්දුවට පහර දුන්න හලාවත මේරියන්ස් කණ්ඩායම ඕවර් 49 ක් තුළදී කඩුලු හතක් දැවී ලකුණු 25ක් ලබා ගත්තා
කවීෂා දිල්හාරි ලකුණු අසූවයි
ඉමේෂා දුලනි ලකුණු හැත්තෑ එකයි
පන්දු යැවීම අචිනි කුලසූරිය ලකුණු විසි හතට කඩුලු පහයි

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම ඕවර 39කදී සියලු දෙනාම දැවී ලබාගත්තේ ලකුණු එකසිය පහළොවක් පමණයි

අනුෂ්කා සංජීවනී ලකුණු තිස්පහයි නිලක්ෂි සිල්වා ලකුණු 35 යි
පන්දු යැවීම සඳුනි නිසංසලා ලකුණු හතට කඩුලු හතරයි

What's your reaction?

Related Posts

1 of 538

Leave A Reply

Your email address will not be published. Required fields are marked *